Thursday, March 28, 2024

General line - 0115112241

මීතොටමුල්ල ඛේදවාචකය සිදු වීමට පෙර ජනතාව දැනුවත් කළා - රජයෙන් ප‍්‍රකාශයක්




මීතොටමුල්ලේ කසල කන්ද කඩා වැටීමේ අවදානම පිළිබඳ කල් තියා රාජ්‍ය නිලධාරීන් මගින් අවට ජනතාව දැනුවත් කළ බව රජය පවසනවා. 

අදාළ ප‍්‍රදේශවලින් ඉවත් වන ලෙස අපේ‍්‍රල් මස 07 වන දින ලිඛිතව දැනුම් දී තිබූ බවයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ. 

එම ප‍්‍රදේශයෙන් ඉවත් වන ලෙසට සඳහන් ලිපි ජනතාව භාරගෙන තිබෙනවා. 

ලිපි භාරගත් බවට සහතික කෙරෙන අත්සන් ලේඛනයක්ද ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරීවරයා සතු බවයි වජිර අබේවර්ධන  අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.  

විරෝධතා පසෙකලා සාකච්ඡා මාර්ගයෙන් රජය සමඟ එක්ව උද්ගතව ඇති මීතොටමුල්ල කසල කන්ද පිළිබඳ ගැටළුව විසඳීමට සහයෝගය දක්වන ලෙසයි අමාත්‍යවරයා වැඩිදුරටත් එම ප‍්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

(එම සම්පූර්ණ හඬපටය පහතින් දැක්වෙයි.)