Thursday, April 25, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය, මීතොටමුල්ලේ ඛේදවාචකයට පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි




මීතොටමුල්ල ඛේදවාචකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන ලෙස ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයාගෙන් සහ අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා. 

මැයි මස මුල් සතියේ දී එම විවාදය ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළ බවයි ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් තමන් කළ ඉල්ලීමට ආණ්ඩුව ප‍්‍රතිචාර දක්වනු ඇති බවයි දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා සඳහන් කළේ.  

පාර්ලිමේන්තු සම්ප‍්‍රාදයට අනුව අග‍්‍රාමාත්‍යවරයා විසින් කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුව හදිසියේ කැඳවන ලෙස ඉල්ලීමක් කළ යුතුයි. 

එය ගැසට් කිරීමෙන් අනතුරුව පැය 72කින් පසු පාර්ලිමේන්තුව කැඳවිය හැකි වනවා.