Saturday, April 20, 2024

General line - 0115112241

අලි ඇතුන් හිගකමින් පෙරහැරවලට බලපෑම්




අලි ඇතුන් හිගකමින් මෙරට ප‍්‍රධාන පෙලේ පෙරහැරවලට බලපෑම් එල්ල වී ඇති බව හීලෑ අලි ඇතුන් සුරකීමේ සංවිධානය පවසනවා. 

එහි සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කළේ ඉදිරියේ දී පැවැත්වෙන මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයට ද මෙම තත්වය දැඩි ලෙස බලපානු ඇති බවයි.

මෙම තත්වයෙන් මිදීමට නම් දැනට අත්අඩංගුවේ පසුවන හීලෑ අලි ඇතුන් තිස්දෙනා වහාම මුදා හරින ලෙසයි සුදත්ත හිමියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ.