Friday, April 19, 2024

General line - 0115112241

මීතොටමුල්ලේ ඛේදවාචකය පිළිබඳ ජනපති ප‍්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්




මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීම පිළිබඳ ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා අද (19) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.

ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේදීයි. 

ඒ සඳහා විෂයභාර අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන්, ත‍්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයා මෙන්ම කොළඹ දිස්ත‍්‍රික්කයේ දේශපාලන නියෝජිතයින් ද සහභාගී වීමට නියමිතයි. 

මීතොටමුල්ල ප‍්‍රදේශයේ මේ වනවිට ක‍්‍රියාත්මක වැඩපිළිවෙලේ ප‍්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී විමසා බැලෙනු ඇති.