Friday, April 26, 2024

General line - 0115112241

මීතොටමුල්ල කසල කන්ද පිටුපසත් පාතාලය



මීතොටමුල්ල කසල කන්ද පිටුපස පාතාල කණ්ඩායම්වල සම්බන්ධයක් ඇති බව පරිසරවේදීන් පවසනවා. 

මෙම කරුණු අනාවරණ වූයේ ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනේදීයි. 

ප‍්‍රදේශයේ දේශපාලඥයින් ද මෙම කප්පම් ලබා ගැනීමට පාතාල කණ්ඩායම්වලට සහය ලබාදී ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

මෙම කරුණු හෙළි කළේ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම්. 

(එම සම්පූර්ණ හඬපටය පහතින් දැක්වෙයි.)