Wednesday, April 24, 2024

General line - 0115112241

ඕමන්තේ වී සොරකමක්




වව්නියාව පණ්ඩි‍්‍රක් කේදකුළම් ප‍්‍රදේශයේ ගොවිපලක තිබූ රුපියල් තුන්ලක්ෂ හැටනව දහසක් වටිනා වී තොගයක් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ,  ඕමන්ත පොලිසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි. 

සොරකම් කළ වී තොගය සැකකරුවන් විසින් කිලිනොච්චිය ප‍්‍රදේශයේ වී මෝලකට අලෙවි කළ බවටද මූලික ප‍්‍රශ්න කිරීම්වල අනාවරණ වී තිබෙනවා. 

වී අලෙවි කිරීමෙන් ලබාගත් රුපියල් එක් ලක්ෂ දහතුන් දහසකට ආසන්න මුදලක් ද ඔවුන් සතුව තිබී සොයා ගැණුනා. 
සැකකරුවන් දෙදෙනා වව්නියාව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.