Friday, March 29, 2024

General line - 0115112241

කොළඹ කසල ගොඩබෑමට එරෙහිව කරදියානේදී විරෝධතා - කසල ලොරි 20කුත් ආපසු හරවයි (PHOTOS)




කොළඹ ප‍්‍රදේශයේ කසල පිළියන්දල කරදියාන කසල අංගනයට බැහැර කිරීමට එරෙහිව ප‍්‍රදේශවාසීන් අද (19) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.

ඒ, වේරහැර රත්මාලන ප‍්‍රධාන මාර්ගය බොරුපන පාලම අසලින් අවහිර කරමින්. 

මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ලබන 28 වනදා දක්වා පමණක් කරදියාන කසල අංගනයට කසල බැහැර කිරීම ස`දහා කැස්බෑව අධිකරණය ඉකුත්දා අවසර ලබා දුන්නා. 

කෙසේ වෙතත් අධිකරණය නියෝග කළ ප‍්‍රමාණයට වඩා වැඩි කසල ප‍්‍රමාණයක් මේ වනවිට කරදියාන කසල අංගනයට බැහැර කර ඇති බවයි වේරැස්ගඟ අවට පරිසරය සුරකීමේ සංවිධානයේ කැඳවුම්කරු මහේෂ් වික‍්‍රම පැවසුවේ. 

කරදියාන කසල අංගනයට කසල බැහැර කිරීම සඳහා කසල ලොරි රථ 20ක් පමණ හරවා යැවුණු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.