Thursday, March 28, 2024

General line - 0115112241

කුමාර් සංගක්කාර ක‍්‍රිකට් දිවිය වෙනස් කරයි




ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරට ක‍්‍රිකට් විස්තර විචාරයක් සඳහා එක්වීමට අවස්ථාව උදා වී තිබෙනවා. 

ඒ, ලබන ජූනි මාසයේ එංගලන්තයේ දී ආරම්භ වන අයි සී සී චැම්පියන්ස් කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදීයි. 

එම තරගාවලියේ දී ක‍්‍රිකට් විස්තර විචාරයට එක්වන ක‍්‍රීඩකයින් 15 දෙනෙකු අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. 

කුමාර් සංගක්කාර ක‍්‍රිකට් විස්තර විචාරයක් සඳහා එක්වන්නේ පළමු වරටයි.  

ඕස්ටේ‍්‍රලියාවේ රිකී පොන්ටින්, නවසීලන්තයේ බ්‍රෙන්ඩම් මැකලම්, දකුණු අප‍්‍රිකාවේ ග‍්‍රැහැම් ස්මිත් ද මෙවර චැම්පියන්ස් කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී පළමු වරට ක‍්‍රිකට් විස්තර විචාරයට එක්වනවා. 

තමන් ජාත්‍යන්තර ක‍්‍රිකට් දිවියෙන් සමුගත්ත ද චැම්පියන්ස් කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ කොටස්කරුවෙකු වශයෙන් එක්වීමට ලැබීම සතුටට කරුණක් බවයි සංගක්කාර පවසන්නේ. 

සංගක්කාර මේ වනවිට එම තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස ද නම්කර තිබෙනවා. 

සති 03ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය ක‍්‍රීඩාලෝලීන් ප‍්‍රමෝදයට පත් කරන තරගාවලියක් වනු ඇති බවයි කුමාර් සංගක්කාර පවසන්නේ.