Friday, April 26, 2024

General line - 0115112241

අගමැති රනිල් මීතොටමුල්ලට




මීතොටමුල්ල කසල කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (19) නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. 

ඒ, පෙරවරුවේ එම ප‍්‍රදේශයේ කළ නිරීක්ෂණයකින් අනතුරුවයි. 

මාස 06ක් ඇතුළත කසල කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ. 

අවතැන්ව සිටින ජනතාවට කඩිනමින් සහන සැලසීමට ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. 

අග‍්‍රාමාත්‍යවරයා වියට්නාම සංචාරය නිමවා දිවයිනට පැමිණියේ අද අලූයමයි.