Friday, April 19, 2024

General line - 0115112241

නිවාස අහිමි වූ මිතොටමුල්ලේ ජනතාවට නිවාස ලබාදීම හෙට සිට




මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් නිවාස අහිමි වූ පවුල් 98ක් සඳහා නව නිවාස ලබාදීමේ වැඩපිළිවෙල හෙට (19) ආරම්භ කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබෙනවා. 

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ විපතට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවති සාකච්ඡාවේදීයි. 

මීතොටමුල්ල අවදානම් කලාපයේ සිටින පිරිස ඉවත් කිරීමට මූලිකත්වය ලබාදෙමින් ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමේ කටයුතු ශක්තිමත් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. 

මීතොටමුල්ල හදිසි ආපදා තත්වය පිළිබඳ මීළඟ ප‍්‍රගති සමාලෝචන රැස්වීම ලබන 21 වනදා පැවැත්වීමට ද මෙහිදී තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.