Thursday, March 28, 2024

General line - 0115112241

මැතිව්ස් නියෝජනය කරන දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල අද අයි පී එල් පිටියේ




අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් හයිද්‍රාබාද්හි දී රජිව් ගාන්ධි ක‍්‍රීඩාංගණයේ දී අද (19) රාත‍්‍රියේ පැවැත්වෙනවා. 

ඒ, ඬේව්ඞ් වෝනර්ගේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ සහීර් ඛාන්ගේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම අතරයි. 

ඇන්ජලෝ මැතිව්ස් ද එම කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා. 

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම මේ වනවිට අයි පී එල් ප‍්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ සිව්වන ස්ථානයේයි. 

ඔවුන් මේ දක්වා සහභාගී වූ තරග හතරෙන් තරග දෙකක් ජය ගැනීමට සමත් වුණා. 

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ පසුවන්නේ තරග 05ක දී ජයග‍්‍රහණ තුනක් වාර්තා කරමින්.