Friday, April 19, 2024

General line - 0115112241

' ජාතික තරුණ බක් මහ උළෙල ' අවලංගුයි - සියලු මුදල් මීතොටමුල්ලට




ජාතික තරුණසේවා සභාව විසින් වාර්ෂිකව පවත්වන ' ජාතික තරුණ බක් මහ උළෙල ' අවලංගු කර තිබෙනවා.


ඒ සභාපති එරන්ද වැලිඅංගේ ගත් තීරණයකට අනුවයි.


එම මුදල් ප්‍රතිපාදන මීතොටමුල්ල කුණු කන්ද නිසා අවතැන්වුවන් වෙනුවෙන් වෙන් කරන ලෙසයි ඔහු තරුණ සේවා සභාවට දැනුම්දී ඇත්තේ.

මෙලෙස  ' ජාතික තරුණ බක් මහ උළෙල 'ක් අවලංගු කර ඇත්තේ ඉතිහාසයේ පළමු වරට බවයි පැවසෙන්නේ.