Wednesday, April 24, 2024

General line - 0115112241

මෝදි දිවයිනට පැමිණීම තහවුරුයි 




මැයි මස දොළොස්වනදා ආරම්භවන එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිවයිනට පැමිණීම තහවුරු කර ඇති බව බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. 

එම සැමරුම් උළෙල පිළිබඳ  මාධ්‍ය ප‍්‍රධානීන් දැනුවත් කිරීම සඳහා අද පැවති සාකච්ඡාවක දී  අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

‘‘ලෝක සාමය සදහා බුදුන් වහන්සේගේ ඉගැන්වීම්‘‘ යන්න මෙවර එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙලේ තේමාව වන  බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.