Thursday, April 25, 2024

General line - 0115112241

ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුට හිමිවන ඉහළම ගෞරව නාමය මුරලිට




ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුට හිමිවන ඉහළම ගෞරව නාමය වන ‘‘හෝල් ඔෆ් ෆේම්‘‘ නාමය ශ‍්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් වෙත නිළ වශයෙන් ලබාදීම  එළඹෙන ජුනි මාසයේදී සිදු කිරීමට තීරණය කර තිබෙනවා. 

ඒ, එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සමගාමීවයි. 

ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් සිදු කළ සේවය අගයමින් අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය මගින් පිරිනමන ඉහළම ගෞරව නාමය වන්නේ ‘‘හෝල් ඔෆ් ෆේම්‘‘ නාමයයි. 

එය මුත්තයියා මුරලිදරන් වෙත පිරිනැමීමට අන්තර්ජාතික ක‍්‍රිකට් කෞන්සිලය තීරණය කර ඇත්තේ 2016 වසරේදීයි. 

ඩොන් බ‍්‍රැඞ්මන්, කැරන් රෝල්ටන්, ආතර් මොරිස් වැනි ක‍්‍රිකට් ලොව විශිෂ්ටයන්ට මෙම ගෞරව නාමය පිරිනමා තිබෙනවා.