Saturday, April 20, 2024

General line - 0115112241

අමෙරිකානු යුද නෞකා සහ ප‍්‍රහාරක ගුවන් යානා ප‍්‍රතිවිරුද්ධ දිශාවට




උතුරු කොරියාව දෙසට ගමන් ගන්නා බවට ප‍්‍රකාශ කෙරුණු අමෙරිකානු යුද නෞකා සහ ප‍්‍රහාරක ගුවන් යානා ප‍්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කර ඇති බව    බී බී සී පුවත් සේවාව පවසනවා. 

උතුරු කොරියාව න්‍යෂ්ටික වැඩසටහනට එල්ල වූ විරෝධයත් සමග ‘‘යූ එස් කාල් වින්සන්‘‘ නෞකාව ඇතුළු ප‍්‍රහාරක නෞකා උතුරු කොරියානු මුහුදු සිමාව දෙසට යාත‍්‍රා කරමින් සිටින බව අමෙරිකාව නිවේදනය කළේ ඉකුත් 08වනදායි. 

එහෙත් මේ වන විට එම නෞකා ඊට ප‍්‍රතිවරුද්ධ දිශාවට ගමන් කර ඇති බව බී බී සී පුවත් සේවාව වාර්තා කළා.  

මෙම ප‍්‍රහාරක යාත‍්‍රා කොරියානු අර්ධ ද්විපයට ළඟා  නොවීම කුමන අරමුණකින් සිදු වූවක්දැයි පැහැදිලි නොවන බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. 

මේ අතර අමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර බලපෑම් නොතකමින් සිය මිසයිල අත්හදා බැලිම් අඛණ්ඩව සිදු කරන බව උතුරු කොරියාව ඉකුත් දා ප‍්‍රකාශ කළා.