Thursday, March 28, 2024

General line - 0115112241

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්ට ගැලපෙන්නේ වනජීවී අමාත්‍යාංශයේ රැකියාවක් - ඇමති රාජිත




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නවීන්ද සොයිසා කරන ප්‍රකාශ හා ඔහුගේ හැසිරීමෙන් ඔහුට සරිලන්නේ වෛද්‍ය වෘත්තිය නොව වනජීවී අමාත්‍යාංශයේ  රැකියාවක් බව  සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසනවා.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නවීන්ද සොයිසා පසුගිය දා ප්‍රකාශ කර තිබුනේ සෞඛ්‍ය ඇමැතිට වනජීවී අමාත්‍යාංශය ලබා දිය යුතු බවයි. 

ඊට පිළිතුරු දෙමින් අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකාව තුල තවත් දූම්වැටි සමාගමක් ලියාපදිංචි කිරීමට සුදානම් බව පසුගිය දා  රජයේ වෛද්‍ය නිලධාරි සංගමය කර ඇති ප්‍රකාශය සම්පුර්ණ අසත්‍යයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මෙහිදී කියා සිටියා.