Tuesday, April 23, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් කෝකිල වසන්තයට සියලු කටයුතු සූදානම්




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන, 2017 - කෝකිල වසන්තය බක්මහ සැණකෙළිය පැවැත්වීමට මේ වන විට සියලූ කටයුතු සුදානම්කරමින් පවතිනවා. 

ඒ, එළඹෙන 22වනදා කන්තලේ අග්‍රබෝධි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදීයි. 

පාපැදි ධාවන තරගය, මැරතන් පිරිමි සහ කාන්තා, කඹ ඇදීම, අවුරුදු කුමරිය තේරීම ඇතුළු තරග රැසක් එහිදී පැවැත්වීමට නියමිතයි. 

කෝකිල වසන්තය බක්මහ සැණකෙළියේ මැරතන් තරගයට අදාළ වෛද්‍ය පරීක්ෂණ මේ දිනවල කන්තලේ මූලික රෝහලේ දී පැවැත්වෙනවා.

එම පරික්ෂණ එදින පෙරවරු 08 සිට පස්වරු 05 දක්වා පැවැත්වෙන අතර මැරතන් තරගයට සහභාගී වන සියලූ දෙනා ඊට සහභාගී වීම අනිවාර්ය වන බවයි සංවිධායක මණ්ඩලය පවසන්නේ.  

බක්මහ සැණකෙළියේ ස්ටෑන්ඩර්ඩ් වර්ගයේ පාපැදි තරගය අවුරුදු උත්සවය පැවැත්වෙන 22 වන දින පෙරවරු 7 යි 30ට අග්‍රබෝධි විද්‍යාලයේ ප්‍රධාන දොරටුව අසළින් ආරම්භ කිරීමට නියමිතයි. 

නෙත් එෆ් එම් කෝකිල වසන්තය බක්මහ සැණකෙළියට සංවිධාන ශක්තිය සපයන්නේ කන්තලේ පොලිසිය, ත්‍රීකුණාමලය නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, කන්තලේ 222 යුද හමුදා බල සේනාංකය, සිවිල් ආරක්ෂක බලකාය හා කන්තලේ වෙළද සංගමයයි. 

කෝකිල වසන්තය බක්මහ සැණකෙළියෙන් අනතුරුව රාත්‍රියේ දී සීදුව සකුරා සංගීතවත් කරන සංගීත ප්‍රසංගයක් ද පැවැත්වීමට නියමිතව තිඛෙනවා.