Tuesday, April 16, 2024

General line - 0115112241

කැන්ගරුවන් ‘පී. සරා පිටියේදී’ පුහුණුව අරඹයි




සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු ක‍්‍රිකට් තරගය අද (18) ආරම්භ වනවා.

ඒ, කොළඹ පී. සරා ඕවල් ක‍්‍රීඩාංගණයේදීයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ පිලට මිලින්ද සිරිවර්ධන නායකත්වය ලබාදෙනවා.

ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම මෙහෙයවන්නේ ස්ටීවන් ස්මිත්.

ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, චතුරංග සිල්වා, නිසල තාරක සහ දිල්හාර ප‍්‍රනාන්දු ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ සංචිතයට එක්ව සිටිනවා.