Thursday, April 18, 2024

General line - 0115112241

මට අම්බානක බනිනවා ! ඇයි එයාලට ගහන්නේ නෑනේ මරන්නේ නෑනේ - සමාජ මාධ්‍ය වලට එරෙහිව මරික්කාර් දෙස් දෙවොල් තබයි




රට තුළ තහවුරු කර ඇති ප්‍රජාතන්ත්‍රවාදය කිසිදු ක්ෂේත්‍රයකට බාධාවක් නොවිය යුතු බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පැවසීය.. 

ඊයේ රාත්‍රියේ විකාශය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

‘‘කෙනෙකුට කියන්න පුලුවන් ජනතාව ආණ්ඩුවට එරෙහිව පාරට බහින්නේ ආන්ඩුව හරි දේ කරන්නේ නැති නිසා කියලා.නමුත් මම ඒ මතයේ නෑ ප්‍රජාතන්ත්‍රවාදය දොරෝ ගලන නිසා කුමන්ත්‍රණකාරයින්ට ඕන වෙලාවක පාරට බහින්න පුලුවන් මොකද සුදු වෑන් නෑනේ මරන්නේ නෑනේ.සමාජ මාධ්‍ය වල මට අම්බානකට බැනලා දානවා මොකද හේතුව මුකුත් වෙන්නේ නෑනේ ඒ අයට ගහන්නේ නෑ මරන්නේ නෑ මුකුත් වෙන්නෑ එයාලට.ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඔයාට නිදහස තියනවා කියන්නේ ඒක මට බාධා කරන්න නෙමෙයි රටේ ආර්ථිකය කඩාකප්පල් කරන්න ප්‍රජාතන්ත්‍රවාදයක් දෙන්න බෑ!මිනිසුන්ට විරෝධතා කරන්න අවස්ථාව දෙන්න ඕන ඒත් ඒක රටේ ආර්ථියකට බලපාන්න දෙන්න බෑ ආණ්ඩුව දැනගන්න ඕනෑ ඒ පිළිබඳ තීන්දු තීරණ ගන්න...‘‘ යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

වත්මන් ආණ්ඩුව යටතේ හිමිව ඇති ප්‍රජාතන්ත්‍රවාදය අත්තනෝමතිකව භාවිත කිරීමෙන් රටට විශාල හානියක් සිදුව ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ වන මීතොටමුල්ලට කුණු බැහැර නොකරන බවත්, ඒ වෙනුවට කුණු බැහැර කරන සෑම තැනකම විරෝධතා ව්‍යාපාර පැවැත්වෙන බවත් එසේ වුවහොත් කිසිම ස්ථානයකට කුණු බැහැර කළ නොහැකි බව කියා සිටි මන්ත්‍රීවරයා ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දැඩි පියවරක් ගත යුතුව ඇතැයිද සඳහන් කළේය.

මහමග කුණු එකතු වුවහොත් ඇතිවන තත්වය මීට වඩා බරපතළ බවද සඳහන් කළ මන්ත්‍රීවරයා 2015 ජනවාරි 8න් පසු මෙරට ලද ප්‍රජාතන්ත්‍රවාදය අත්තනෝමතිකව භාවිත කළ නිසා රට පරිහානියට ලක්ව ඇති බවද සඳහන් කළේය.

සම්පූර්ණ අන්ලිමිටඩ් වැඩසටහන පහතින් ශ්‍රවණය කරන්න