Saturday, April 20, 2024

General line - 0115112241

ශූරයන්ගේ සටනට ඔස්ට්‍රේලියානු සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් නම් කෙරේ




ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වන දකුණු අප්‍රිකානු සංචිතය ප්‍රකාශයට පත් කර තිඛෙනවා.

 ක්‍රීඩකයින් පහළොස් දෙනෙකුගෙන් සමන්විත එහි නායකයා ලෙස නම් කර ඇත්තේ ඒ බී ඩිවිලියස්. 

හෂීම් අම්ලා. ක්වීන්ටන්  ඩී කොක්, ෆෆ් ඩූ ප්ලෙසිස්, ෙජ් පී ඩුමිනි සහ ඩේවිඩ් මිලර් ද දකුණු අප්‍රිකානු සංචිතයට ඇතුළත්ව සිටිනවා. 

ඩේල් ස්ටේයින් මෙවර ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී නොවන අතර මෝනි මෝකල්, කගිසෝ රබාඩා සහ ඉම්රාන් තහීර් සංචිතයට නම් කර තිඛෙනවා. 

එංගලන්තයේ පැවැත්වෙන මෙවර ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී දකුණු අප්‍රිකාව තරගවදින්නේ බී කාණ්ඩයෙන්. ඊට ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පාකිස්ථානයට ඇතුළත්ව සිටිනවා. 

මේ අතර, ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වන ඔස්ටේ්‍රලියානු සංචිතයද අද නම් කළා. 

එම සංචිතයට ජේම්ස් පැටින්සන් සහ මොයිසස් හෙන්රික්ස් ද කැදවා තිඛෙනවා. ස්ටීව් ස්මිත් නායකත්වය දරන ඔස්ට්‍රේලියානු සංචිතයට ඩේවිඩ් වෝනර්, ආරොන් ෆින්ච්, මිචෙල් ස්ටාර්ක් සහ මැතිව් වේඩ් ද ඇතුළත්. 

ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඒ කාණ්ඩයෙන් තරග වදිනවා. 

ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ බංග්ලාදේශය, නවසීලන්තය සහ එංගලන්තයයි. ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඒ කාණ්ඩය සත්කාරක එංගලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙනවා.