Friday, March 29, 2024

General line - 0115112241

කතක් බසයකට බිලිවෙයි




සාමිමලේ සිට මස්කෙළිය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සාමිමලේ ප‍්‍රධාන මාර්ගයේ ගවරවිල මංසන්ධියේ දී අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මිය ගොස් ඇත්තේ මස්කෙළිය සාමිමලේ ස්ටැස්පි වතුයායේ පදිංචි සිටි හැට හැවිරිදි තිදරු මවක්. සිද්ධියට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මස්කෙළිය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.