Thursday, April 25, 2024

General line - 0115112241

“කොළඹ කුණු දොම්පෙට“ එරෙහි ජනතාවට කඳුළු ගෑස් සංග්‍ර‍හයක්




අධිකරණය දුන් නියෝගය නොසලකා කොළඹ කුණු දොම්පේ මාළිගාවත්ත ප‍්‍රදේශයට දැමීමට එරෙහිව අදත් එම ප‍්‍රදේශයේ ජනතාව විදි බසමින් තම විරෝධය පලකළා.

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂන රාජකරුණා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මෛත‍්‍රී පාර්ශ්වයේ පළාත් සභා මන්ත‍්‍රී උපාලි ගුණරත්නගේ මැදිහත්වීම මත මෙම කොළඹ කුණු අධිකරණය දුන් නියෝගයද නොතකමින් රැගෙන විත් ඇති අතර ජනතාවගේ විරෝධය මැඩලීම සඳහා කැරලි මර්දන පොලීසිය ඇතුළු පොලිස් බල ඇනි මෙම ස්ථානයට කැදවූ අතර විරෝධතාකරුවන් මැඩ පැවැත්වීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍ර‍හාර එල්ලකරනු ලැබුවා.