Thursday, April 25, 2024

General line - 0115112241

තව වසර තුනකින් කසලවලින් විදුලිය




කැළි කසලවලින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය වසර 03ක් ඇතුළත ආරම්භ කරන බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය පවසනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (20) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා. 

කරදියාන සහ දොම්පේ යන ප‍්‍රදේශවලට කැළි කසල බැහැර කිරීම සිදු කරන්නේ තාවකාලිකව බව ද ප‍්‍රධාන අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.