Thursday, April 18, 2024

General line - 0115112241

ආණ්ඩුවට සහ හිටපු ආණ්ඩුවට ජවිපෙන් මිනීමැරුම් චෝදනා




මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් පුද්ගලයින් මිය යාම දඬුවම් ලබා දිය යුතු වරදක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. 

එහි මධ්‍යම කාරක සභික බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නීතීඥ සුනිල් වටගල පැවසුවේ මීතොටමුල්ල කසල කන්ද නිසා ඇති විය හැකි ආපදාවන් විවිධ පාර්ශව විසින් වරින්වර පෙන්වා දෙද්දීත් ඒවාට සංවේදී නොවූ ආණ්ඩු මේ සම්බන්ධයෙන් දඩුවම් ලැබිය යුතු බවයි. 

මෙම කරුණු සැලකිල්ලට ගෙන මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් සිදුවූ මරණ මනුෂ්‍ය ඝාතන ලෙස ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා අධිකරණයේ නඩු පැවරීමට තමන් දැනටමත් කරුණු විමසා බලමින් සිටින බව ද නීතීඥ සුනිල් වටගල මෙහිදී කියා සිටියා.

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් මේ වනවිට මිය ගොස් ඇති සංඛ්‍යා තිස් දෙදෙනෙක්.