Thursday, March 28, 2024

General line - 0115112241

බදු නොගෙවා මැණික් ගල් නීති විරෝධීව රට යවන ජාවාරමක්




රජයට බදු නොගෙවා මැණික් ගල් නීති විරෝධීව ශ‍්‍රී ලංකාවෙන් බැහැරට රැගෙන යාමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිව තිබෙනවා. 

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ ඇතැම් විදේශිකයින් ද මීට සම්බන්ධ වී ඇති බවයි. 

ඒ අනූව මෙම ජාවාරම මැඩලීම සඳහා වැටලීම් ආරම්භ කළ බව ද ඔවුන් කියා සිටියා. 

මැණික් ගල් අපනයනයෙන් ශ‍්‍රී ලංකාව වාර්ෂිකව ඉහළ බදු ආදායමක් උපයා ගන්නවා. 

2016 වසරේදී සේවා ගාස්තු ලෙස අයකර ගෙන ඇති මුදල රුපියල් මිලියන 124.3ක්.