Friday, March 29, 2024

General line - 0115112241

ඇතැම් මුහුදු ප‍්‍රදේශ වරින්වර රළු වෙයි




මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප‍්‍රදේශ අද (21) විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ද වැඩි විය හැකියි. 

කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 55 දක්වා වැඩි විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. 

ඒ අනූව එම මුහුදු ප‍්‍රදේශ ද විටින් විට රළු විය හැකියි. 

කෙසේ වෙතත් රට වටා බොහෝ මුහුදු ප‍්‍රදේශවලට මෙන්ම බොහෝ ගොඩබිම් ප‍්‍රදේශවලට ද අද වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ. 

ගාල්ල සහ රත්නපුර යන දිස්ත‍්‍රික්කවල පමණක් ස්ථාන ස්වල්පයකට වැසි අපේක්ෂා කරන බව ද කාලගුණ අනාවැකියේ සඳහන් වනවා.