Friday, April 19, 2024

General line - 0115112241

ජනපති කළ ප්‍රකාශය සයිටම් ආයතනය දැනගත්තේ පත්තරෙන්




මාලඹේ සයිටම් ආයතනය ඒකපුද්ගල අයිතියෙන් ඉවත්කර කොටස් වෙළඳපොලේ ලයිස්තුගත සමාගමක් බවට පත් කරන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ ප‍්‍රකාශය සුබ නිමිත්තක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

කෙසේ වෙතත් එසේ කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන බවයි එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කියා සිටියේ.

මේ අතර ජනාධිපතිවරයාගේ අදාළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන් දැනගත්තේ පුවත්පත්වලින් බව මාලඹේ සයිටම් ආයතනයේ පරිපාලනය පවසනවා. 

ඒ අනූව අදාළ යෝජනාව සම්බන්ධයෙන් එකවර ප‍්‍රතිචාර දැක්විය නොහැකි බවයි නෙත් නිවුස් කළ විමසීමක දී එහි ප‍්‍රකාශකයෙකු කියා සිටියේ. 

කරුණු විමසා බලා ඉදිරියේදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන බව ද ඔහු පැවසුවා.