Saturday, April 20, 2024

General line - 0115112241

දෙවන වාරයට කළින් පාසල් පිරිසිදු කිරීමට පියවර




දෙවන වාරය සඳහා පාසල් ආරම්භ කිරීමට පෙර පාසල් පරිශ‍්‍ර පිරිසිදු කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබෙනවා. 

මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කර ඩෙංගුවලින් තොර පාසල් පරිශ‍්‍ර පවත්වාගෙන යාම මෙහි අපේක්ෂාවයි. 

පිරිසිදු කිරීම් සඳහා දරු දැරියන්ගේ, මව්පියන්ගේ, ආදි ශිෂ්‍ය සංගම්වල සහ පාසල් සංවර්ධන සමිතියේ ද සහභාගීත්වය සහ සහය ලබා ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබෙනවා. 

දෙවන වාරය සඳහා පාසල් ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ලබන 26 වැනිදායි.