Thursday, March 28, 2024

General line - 0115112241

කුමන්ත්‍රණ වෛරසය මුලින්ම කපන බව තුර්කි ජනපති කියයි




පසුගියදා සිදුකළ අසාර්ථක හමුදා කුමන්ත්‍රණය පිළිබඳ වගකිව යුතු ‘වෛරසය’ සහමුලින් ඉවත් කිරීමට කටයුතු කරන බවට තුර්කි ජනාධිපති රෙසීප් තයියප් අර්දොවාන් ප්‍රතිඥා දී ඇති බව විදෙස් වාර්තා පවසනවා.

මෙම කුමන්ත්‍රණය සැළසුම් කළ පිරිසට සැඟවී සිටීමට ඉඩ නොතබන බවද එහිදී තුර්කි ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

හමුදාවේ ඉහළ නිලධාරීන් සඳහා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇති අතර මේ වන විට හය දහසකට අධික පිරිසක් රඳවාගෙන සිටින බවයි අධිකරණ අමාත්‍යාංශය පවසා ඇත්තේ.

ඒ අතර සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධකරුවන්ට එරෙහිව සටන් කිරීම සඳහා ඇමරිකාව විසින් යොදා ගත් ඉන්කර්ලික් ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීයා ද සිටින බවයි වාර්තා වන්නේ.

_90424332__90424555_6dc064dc-6439-4c35-960f-d3acfa10b99c 02