Thursday, April 25, 2024

General line - 0115112241

කුණු වෙනුවෙන් වෙනම ආයතනයක්! ජනපති උපදෙස් දෙයි




මෙරට පවතින ඝන අපද්‍රව්‍ය කළමණාකරණ ගැටලූව නිරාකරණය කිරීම සදහා මධ්‍යම අධිකාරියක් වෙත බලය පැවරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිලධාරින් වෙත අද උපදෙස් ලබාදුන්නා. ඒ, මීතොටමුල්ලේ විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබද ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ පැවති ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදීයි.

මීතොටමුල්ල සිද්ධියෙන් මතුව ඇති ගැටලූවලට සම්පූර්ණ විසදුම් ලබාදෙන තුරු සෑම සතියකට වරක් අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ අමාත්‍යවරුන් හා නිලධාරීන් සමග අඛණ්ඩව සාකච්ඡුා කැදවීමට කටයුතු කරන ලෙසද ජනාධිපති ලේකම්වරයා වෙත ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදුන්නා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැතිඇමතිවරුන් රැුසක් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡුාවට එක්ව සිටියා.