Thursday, April 25, 2024

General line - 0115112241

කොළඹ කුණුවලින් බාගයක්ම හෝටල්වලින්!




කොළඹ නගරයේ එක්රැස්වන කැලිකසලවලින් සියයට 50 ක් පමණ ආපන ශාලා සහ හෝටල්වලින් බැහැර කෙරෙන ඒවා බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහෙත් එය තමන්ගේ වරදකින් සිදුවන්නක් නොවන බවයි එම සංගමය පෙන්වා දුන්නේ. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මෙම අදහස් පළ කළා.

රජය සහයෝගය ලබාදෙන්නේ නම් ආපන ශාලාවලින් බැහැර කෙරෙන කසල ප‍්‍රමාණය සියයට විස්සකින් අඩු කළ හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.