Friday, March 29, 2024

General line - 0115112241

ප්‍රංශයේ ජනාධිපතිවරණ රැළි 03ක් අවලංගුයි




ප‍්‍රංශයේ පැරිස් නුවර ඊයේ සිදුවූ ත‍්‍රස්ත කි‍්‍රයාවෙන් පසු එරට ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක රැළි 3 ක් අවලංගු කර තිබෙනවා. පැරිස් නගරයේදී ඉස්ලාම්වාදී ත‍්‍රස්ත සාමාජිකයෙකු එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්‍ෂයට පත් වුණා.

එම ප‍්‍රහාරය එල්ල වුයේ ප‍්‍රංශ ජනාධිපතිවරණය පැවැත්වීමට දින කිහිපයක් ඉතිරිව තිබියදීයි. මේ හේතුවෙන් ජනාධිපතිවරණයේ ප‍්‍රධාන අපේක්‍ෂකයන් තිදෙනෙකු සිය අවසන් මැතිවරණ ප‍්‍රචාරක රැළි අවලංගු කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මෙම සිද්ධියෙන් පසු සියලූම ඡන්ද මධ්‍යස්ථානවල ආරක්‍ෂාව තර කිරීමටද එරට ආරක්‍ෂක අංශ පියවර ගෙන තිබෙනවා.