Thursday, April 25, 2024

General line - 0115112241

කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ළගදීම අලූත් නීති




කසළ බැහැර කිරිම සම්බන්ධයෙන් ඉදිරියේදි නව නීති හදුන්වාදෙන බව ආපදා කළමණාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා. 

අමාත්‍යවරයා සදහන් කළේ කොළඹ නගරයේ කසළ ගැටලූව  විසදීමට කසළ රදවනයක් මාසයක් ඇතුළත ඉදිකරන බවයි. 

කොළඹ නගරයේ එක් රැස් වන කසල වෙනත් ප්‍රදේහවලට බැහැර කිරිම සිදු වන්නේ කෙටි කාලයක් පමණක් බවද අමාත්‍යවරයා සදහන් කලා. 

කොළඹ නගරයේ කසළ වෙනත් ප්‍රදේශවවලට බැහැර කිරීමේදී එල්ල වන විරෝධතා සම්බන්ධයෙන්ද ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අදහස් පළ කළා. 

මේ අතර, නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කොළඹ නාගරික කොමසාරිස් වී කේ ඒ අනුර පැවසුවේ අද දහවල් වන විට කොලඹ නගරයේ කසළ ඉවත් කිරීමේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවයි.