Thursday, April 25, 2024

General line - 0115112241

රයිනාගේ නායකත්ව ඉනිම ගුජරාට් ලයන්ස්ලාට ජය ගෙනෙයි




අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ජයගැනීමට සුරේෂ් රයිනාගේ නායකත්වයෙන් යුත් ගුජරාට් ලයන්ස් කණ්ඩායම සමත් වුණා. 

ඒ, ගෞතම් ගම්බීර් නායකත්වය ලබා දෙන කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම කඩුලූ 04කින් පරාජය කරමින්. 

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලූ 05ක් දැවී ලකුණු 187ක් රැස් කළා. 

රොබින් උත්තාපා පන්දු 48කදී ලකුණු 72යි. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ගුජරාට් ලයන්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 02කදී කඩුලූ 06ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා. 

සුරේෂ් රයිනා පන්දු 46කදී ලකුණු 84ක් රැස් කළා. ඒ, හතරේ පහර 09ක් සහ හයේ පහර 04ක් සමගයි. 

බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 14කදී ලකුණු 33ක් රැස් කළ අතර ආරෝන් ෆින්ච් පන්දු 15කදී ලකුණු 31ත් රැස් කිරිමට සමත් වුණා.