Friday, March 29, 2024

General line - 0115112241

නෙත් කෝකිල වසන්තයට කන්තලෙන් ඉහළ ප්‍රතිචාර - පාපැදි සහ ගම හරහා දිවීමේ තරගවල ජය යුද හමුදා ක්‍රීඩකයන්ට (PHOTOS)




කන්තලේ අග්‍රබෝධි විද්‍යාලීය කී්‍රඩාංගණයේදී පැවැත්වෙන නෙත් එෆ් එම් කෝකිල වසන්තය 2017 බක්මහ සැණකෙළිය මේ වන විට අති සාර්ථකව පැවැත්නෙවනවා. 

එහිදී ක්‍රියාත්මක තරගවලට අද උදෑසන සිට කන්තලේ ප්‍රදේශයේ ජනතාව මහත් උද්යෝගයකින් යුතුව සහභාගී වුණා. 

මේ අතර, අද උදෑසන පැවති පිරිමි ගම හරහා තරගය ජය ගත්තේ යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන කේ ඒ මංජුල විජේරත්නයි. දෙවන ස්ථානය ජේ එම් මුනාෆ් හිමිකරග් අතර ටි ජී ආර් එම් චමින්ද කුමාර තුන්වන ස්ථානය දිනා ගත්තා. 

ගම හරහා දිවීම කාන්තා තරගයේදී සුලෝචනා දේදුණු කුමාරි පලමු ස්ථානය හිමි කරගත්තා. එහි දෙවන ස්ථානය දැහැමි දිව්‍යාංජලීට හිමි වූ අතර නෙත්මි හංසනී තුන්වන ස්ථානය හිමි කරගත්තා. 

පා පැදි තරගයේ ජයග්‍රහනය හිමිවුණේ යුද හමුදා ක්‍රීඩා සමාජයේ ඩබ් ඩී පැතුම් සමපත්ටයි. ඔහු සිය ජයග්‍රහනයෙන් පසු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා. 

නෙත් එම් එම් කෝකිල වසන්තය 2017 බක්මහ සැණකෙළිය වෙනුවෙන් ඩයලොග් ආසියාටා සමාගම, මැලිබන් බිස්කට්, වටවල තේ සහ සිංගර් 
ශ්‍රී ලංකා සමාගම ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදෙනවා.

මේ අතර, නෙත් කෝකිල වසන්තය බක්මහ සැණකෙළිය කන්තලේ ප්‍රදේශයට ගෙන ඒම පිළිබද සිය ස්තූතිය පළ කරන බවයි කන්තලේ වෙළෙද සංගමයේ සභාපති සරත් රණවිර නෙත් නිවුස් වෙත කියා සිටියේ.