Friday, April 19, 2024

General line - 0115112241

කුණු නිසා වත්තල ඇවිලේ - පොලිසිය පැමිණේ 




කොළඹ කසල සිය ප්‍රදේශයට බැහැර කිරීමට එරෙහිව වත්තල බෝපිටිය නුගපේ ප්‍රදේශවාසීන් අදත් උද්ඝෝෂණවල නිරත වුණා.

කසල බැහැර කිරීමට පැමිණි ලොරි රථවලට ද ඔවුන් බාධා කළ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. 


උද්ඝෝෂකයින් විසුරුවා හැරීම සඳහා අතිරේක පොලිස් කණ්ඩායම් ද කැඳවා තිබුණා. 

එම පොලිස් කණ්ඩායම් සහ උද්ඝෝෂකයින් අතර ද උණුසුම් තත්වයක් ඇති වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

කෙසේ වෙතත් උද්ඝෝෂණ නොසලකා වත්තල බෝපිටිය නුගපේ ප්‍රදේශයට කසල බැහැර කිරීම තවදුරටත් සිදුවන බව ද ඔවුන් කියා සිටියා. 

කොළඹ කසල බැහැර කිරීම සඳහා තෝරාගෙන තිබූ තවත් ස්ථානයක් වූයේ දොම්පේ ප්‍රදේශයයි. 

එහෙත් මින් ඉදිරියට එම ප්‍රදේශයට කසල බැහැර නොකරන බවට කොළඹ මහ නගර සභාවෙන් පොරොන්දුවක් ලබාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා අද දොම්පේ වැසියන්ට දැනුම් දුන්නා. 


දොම්පේ ප්‍රදේශයට කසල බැහැර කිරීම නතර කරන බව කොළඹ මහ නගර සභාව ද මාධ්‍ය වෙත තහවුරු කළා.