Friday, April 26, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් මැයි දින රැළියේදී ශ්‍රීලනිප වේදිකාවට එනවලු




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළියට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු ද සහභාගී වනු ඇතැයි අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ මැයි දිනයට ඇති සූදානම පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදීයි. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියට එක්වන බව කියන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කවුරුන්දැයි ද නෙත් නිවුස් මෙහිදී ප‍්‍රශ්න කළා.

අමාත්‍යවරයා පැවසුවේ මැයි දින රැළියේ වේදිකාව දෙස බැලීමේ දී ඒ බව දැනගත හැකි බවයි.