Friday, April 26, 2024

General line - 0115112241

මුම්බායි ක්‍රීඩකයින් තවත් ජයක් ලබයි




අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (22) රාත‍්‍රී පැවති තරගයේ දී දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම පරාජය කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ක‍්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 දී කඩුලු 08ක් දැවී ලකුණු 142ක් ලබාගත්තා.

ඊට පිළිතුරු වශයෙන් දිල්ලි ක‍්‍රීඩකයින්ට ලබාගත හැකිවූයේ කඩුලු 07ක් දැවී ලකුණු 128ක් පමණයි. 

මුම්බායි නුවර වන්කඬේ ක‍්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වුණා.