Friday, March 29, 2024

General line - 0115112241

කොළඹ පාතාලය අගුණුකොළපැලැස්සේ සුපිරි බන්ධනාගාරයේ රජ කරයිලු




බන්ධනාගාරයක් වෙනුවෙන් අගුණුකොළපැලැස්සේ කර ඇති ඉදිකිරීම දැන් පාසලක් හෝ රෝහලක් බවට පත් කළ නොහැකි බව බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ එම බන්ධනාගාරයට තමන් විරුද්ධ වන බවට රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි ඉකුත්දා කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින්. 

අගුණකොලපැලැස්සේ බන්ධනාගාරයක් පිහිටවුවහොත් ඒ නිසා සමාජ ගැටළු රැසක් නිර්මාණය විය හැකි බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පැවසුවා. 

ඒ අනුව කර ඇති ඉදිකිරීම පාසලක් හෝ රෝහලක් සඳහා යොදා ගන්නා ලෙසටයි ඔහු යෝජනා කළේ. 

වැලිකඩ බන්ධනාගාරය ඉවත් කරන විට එහි සිටින පාතාල සාමාජිකයින් මෙම බන්ධනාගාරයට ගෙනවිත් දැමීමෙන් කොළඹ පාතාල ක්‍රියාකාරිකයින් මෙම හම්බන්තොට දිස්ත්‍රික්කය මූලික කරගනිමින් සිය අපරාධ ක්‍රියා සැළසුම් කරන්නට කටයුතු කරනු ඇති බවත් ඒ නිසා අලුතින් සමාජ ගැටලු රැසක් නිර්මාණය වන බවත් ඔහු සඳහන් කළා.

මීට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් වැඩිදුරටත් පැවසුවේ අදාළ බන්ධනාගාරය නිසා අගුණකොලපැළැස්සට අගතියක් සිදු නොවනු ඇති බවයි. එම බන්ධනාගාරයේ පහසුකම් ප‍්‍රදේශවාසී සෙසු පිරිස්වලට ද භාවිත කළ හැකි පරිදි පාලනය කිරීමට කටයුතු යොදන බවද අමාත්‍යවරයා කියා සිටියා.

මෙම කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි සමග තමන් පෞද්ගලිකව සාකච්ඡා කරන බවද අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් මෙහිදී කියා සිටියා.