Friday, April 19, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 07කට නව තනතුරු (PHOTOS)




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව දිස්ත‍්‍රික් සංවිධායකවරුන් හත් දෙනෙකු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීමස් ලිපි ලබා ගෙන තිබෙනවා. 

ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික්කයේ නව සංවිධායකවරයා ලෙස සුමුදු විජේවර්ධන පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ. 

කුරුණෑගල නව දිස්ත‍්‍රික්කයේ සංවිධායකවරයා වන්නනේ සනත් පද්මසිරියි. 

ඒ ඒ ඒ ලතීෆ් ද කුරුණැගල දිස්ත‍්‍රික්කයේ සංවිධායකවරයෙකු ලෙස පත් කර තිබෙනවා. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය නියෝජනය කළ ඉදිරි පෙළ ක‍්‍රියාකාරී නියෝජිතයින්ට මෙලෙස පත්වීම් ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.