Friday, March 29, 2024

General line - 0115112241

රුවන්වැලි මහා සෑය අසළ කැණිමකින් ඉතිහාසය වෙනස් වෙයි (PHOTOS)




අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ නැගෙනහිර වාහල්කඩ දොරටුව අසළ දකුණු පස බිම් කොටසේ සිදු කළ පුරාවිද්‍යා කැනිමකින් ඓතිහාසික සාධක රැසක් අනාවරණ කර ගෙන තිබෙනවා. 

ඒ අනුව වසර 1500කට වඩා පැරණි හුඹස් මැටි, අළු හුණු හා ගඩොල් කුඩු යොදා ගනිමින් සකස් කළ ළා නිල් පැහැති බිත්ති පාදකයක කොටසක් ද සොයා ගත් බවයි මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසුවේ. 

පිහිටි පොළවෙන් මීටර එකක් පමණ ගැඹුරට සිදු කළ කැණිම්වලදී මෙම ඓතිහාසික සාධක මතුකර ගැනීමට හැකි වුණා. 

මෙම කැණීම්වලදී වැසිකිළි පද්ධතියක්ද මතුකර ගැනීමට හැකිවී තිබෙනවා. 

එය රුවන්වැලි මහා සෑය ඉදිකිරීමට පෙර ඉදිකළ එකක්දැයි යන්න පිළිබඳ පරීක්ෂණ සිදු කරන බවයි පුරාවිද්‍යා අංශ සඳහන් කළේ. 

මීට අමතරව මතුපිට කැටයම් නොකළ මුල්ම යුගයේ සඳකඩ පහනක්ද සොයා ගැණුනා. 

ස්වර්ණමාලී චෛත්‍යරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදී මෙම කැණිම් සිදු කෙරුණා. 

උන්වහන්සේ සඳහන් කළේ මේ වන විට මහා සෑයේ ඇත් පවුරට පිටතින් පිහිටි වැලි මළුවේ ඇති පහන් වැට එම ස්ථානයෙන් ඉවත් කර දැනට කැණීම් සිදු කරන ස්ථානයේ පහන් වැට ස්ථාපිත කිරීමට තිරණය කර තිබූ බවයි. 

ඊට පෙර එහි පුරාවිද්‍යා සාධක තිබේදැයි හඳුනා ගැනීම සඳුහා මෙම කැණිම් සිදු කළ බවයි උන්වහන්සේ කියා සිටියේ.