Thursday, March 28, 2024

General line - 0115112241

අයි පී එල් ගිය මැතිව්ස් හදිසියේ ලංකාවට එයි




අයි සී සී ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ‍්‍රී ලංකා සංචිතය හෙට (24) ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 

ඊට අදාළ විහේෂ සාකච්ඡාවක් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. 

ඊට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ද සහභාගී වූ බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ. 

මේ වන විට පැවැත්වෙන අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටින මැතිව්ස් අද උදෑසන ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ශූරයින්ගේ කුසලානයට සහභාගී වන සංචිතය තෝරා ගැනීම සඳහායි. 

අවසන් සංචිතය ලබන 09 වනදා සිට දින 06ක පුහුණු සැසියකට එක් වනු ඇති. 

ජූනි පළමුවනදා ආරම්භ වන අයි සී සී ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගීවන කණ්ඩායම් අතරින් මෙතෙක් සිය සංචිත නම් කර ඇත්තේ දකුණු අප‍්‍රිකාව, ඔස්ටේ‍්‍රලියාව හා බංග්ලාදේශය පමණයි. 

තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය ජූනි 03 වනදා දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.