Thursday, April 25, 2024

General line - 0115112241

නිධන් සොයා කැණීම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට




කහටගස්දිගිලිය මහපොතාන කුරුඳුවැව හතේ කණුව ප‍්‍රදේශයේ නිවසක් තුළ පුරාවස්තු සොයා කැණීම් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, කහටගස්දිගිලිය පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

සැකකරුවන් සතුව තිබී කැණීම් සඳහා යොදාගත් උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගැනුණා. 

මාවතගම සහ මහපොතාන යන ප‍්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.