Friday, April 19, 2024

General line - 0115112241

පෞද්ගලික ආයතනයක දේපල සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට




කොහුවල ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක දේපල සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, කොහුවල පොලිසියට ලද තොරතුරක් අනුව සිදු කළ විමර්ශනයකින් පසුවයි. 

සැකකරු අදාළ ආයතනයේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී මෙම දේපල සොරා ගැනීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 

ඔහු භාරයේ තිබී සොරාගත් දේපල තොගයක් ද සොයා ගැණුනා. 

සැකකරු අනුරාධපුර හිදෝගම ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක්. 

ඔහු නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.