Wednesday, April 17, 2024

General line - 0115112241

අමෙරිකාව සමඟ එක්වී රවී කරුණානායක ශ‍්‍රී ලංකාවේ ආර්ථීකය පුළුල් කිරීමේ වැඩපිළිවෙළක්




ආර්ථීක විනිවිදභාවය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් තවදුරටත් පුළුල් කිරීමට අමෙරිකානු වාණිජ මණ්ඩලය එකඟතාව පල කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට මූල්‍ය විනය සම්බන්ධයෙන් ද වාණිජ මණ්ඩලයෙන් පැසසුම් හිමි වූ බවයි. 

ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික සමුළුව අමෙරිකාවේ වොෂින්ටන් නුවර දී ඉකුත්දා පැවැත්වුණා. 

ඊට සහභාගී වීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

වර්තමානය වනවිට ඇති වී තිබෙන මූල්‍ය විනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප‍්‍රසාදය හිමිවන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.