Saturday, April 20, 2024

General line - 0115112241

ඛණිජ තෙල් සේවක වර්ජනයෙන් ඉන්ධන බෙදා හැරීමට බාධා




ඛණිජ තෙල් සංස්ථාවේ සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. 

කෙසේ වෙතත් තවමත් ඉන්ධන හිගයක් ඇති වී නොමැති බවයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප‍්‍රකාශ කළේ. 

ඊයේ පස්වරුවේ මෙන්ම අද උදෑසන ද සෑම ඉන්ධන පිරවුම්හලක්ම පාහේ තවදුරටත් දිගු පෝලීම් දක්නට ලැබෙනවා. 

අද දහවල් පැවැත්වෙන සාකච්ඡාවේ දී ගැටළුවට විසඳුමක් ලැබෙනු ඇති බවයි ඛණිජ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.