Tuesday, April 23, 2024

General line - 0115112241

අතුරුදන්වූවන්ගේ ඥාතීන් තවමත් උපවාසයේ (PHOTOS)




අතුරුදන්වූවන්ගේ ඥාතීන් 60 වන දිනටත් වව්නියාව තැපැල් කාර්යාලය ඉදිරිපිට උපවාසයේ නිරත වනවා. 

ඔවුන් පැවසුවේ තම ඥාතීන් සොයා දෙන ලෙසට පසුගිය මාසයේ තමන් මාරාන්තික උපවාසයක් ආරම්භ කළ බවයි. 

දින 04ක් පුරා පැවති එම උපවාසය රජය ලබාදුන් පොරොන්දුවක් අනුව නතර කෙරුණා. 

කෙසේ වෙතත් එම පොරොන්දු මෙතෙක් ඉටු නොවීම නිසා තමන් යළි මෙම උපවාසය ආරම්භ කළ බවයි අතුරුදන්වූවන්ගේ ඥාතීන් ප‍්‍රකාශ කළේ.