Thursday, April 25, 2024

General line - 0115112241

ශූරයන්ගේ කුසලානයේ නායකත්වය මැතිව්ස්ට




එංගලන්තයේ පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියට එක්වන ශ‍්‍රී ලංකා සංචිතය අද (24) නම් කළා.

එහි නායකයා ලෙස නම් කර ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්. 

උප නායකයා ලෙස උපුල් තරංග නම් කර ඇති අතර දිනේෂ් චන්දිමාල්, චාමර කපුගෙදර, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් ජනිත් පෙරේරා ද සංචිතයට ඇතුළත්. 

අසේල ගුණරත්න, ලසිත් මාලිංග, නුවන් කුලසේකර සහ තිසර පෙරේරා ද සංචිතයට නම් කර තිබෙනවා. 

සීක්කුගේ ප‍්‍රසන්න, සුරංග ලක්මාල්, නුවන් ප‍්‍රදීප් සහ ලක්ෂාන් සඳකැන් සංචිතයට ඇතුළත් සෙසු ක‍්‍රීඩකයින් වනවා. 

අතිරේක ක‍්‍රීඩකයින් ලෙස නම් කර ඇත්තේ දිල්රුවන් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලකයි.

ශ‍්‍රී ලංකාව ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දී තරග වදින්නේ බී කාණ්ඩයෙන්. 

ඊට දකුණු අප‍්‍රිකාව, ඉන්දියාව සහ පාකිස්තානය ද ඇතුළත්ව සිටිනවා. 

ශ‍්‍රී ලංකාව තරග වදින පළමු තරගය දකුණු අප‍්‍රිකාවට එරෙහිව ජූනි මස 03වනදා ලන්ඩන්හි දී පැවැත්වීමට නියමිතයි.