Thursday, April 25, 2024

General line - 0115112241

ඛණිජ තෙල් බෙදීම යළි අරඹයි - තත්ත්වය සාමාන්‍ය අතට හැරීමට තවත් දින 02 ක් යයි




සිය වර්ජනය අවසන් කිරීමත් සමග ඉන්ධන බෙදා හැරීමේ කටයුතු මේ වනවිට යළි ආරම්භ කර ඇති බව ලංකා ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක බන්දුල සමන් කුමාර පැවසුවේ අද (25) දහවල් වනවිට සියලුම ඉන්ධන හල්වලට ඉන්ධන ලබා දිය හැකි බවයි.

එහෙත් පවතින තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට දින දෙකක් හෝ ගතවනු ඇති බව ද ඔහු සඳහන් කළා. 

වර්ජනය අවසන් කිරීමෙන් පසු මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයෙන් තෙල් බවුසර් 70 ක් පමණ කොළඹ නගරයේ පිරවුම්හල් වෙත ඉන්ධන ප‍්‍රවාහනය කර තිබෙනවා.

කොලොන්නාව පිරිපහදු සංකීර්ණයෙන් ද ඉන්ධන රැගත් එවැනිම බවුසර් සංඛ්‍යාවක් ඉන්ධනහල් වෙත ගමන් කළ බවයි ප‍්‍රකාශ කෙරුණේ.