Thursday, April 25, 2024

General line - 0115112241

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි




නඩත්තු නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර විසින්.

ඩිල්ෂාන සම්බන්ධ නඩත්තු නඩුව ඊයේ (24) විභාගයට ගැනුනද ඩිල්ෂාන් හෝ ඔහුගේ ඇපකරු අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

එමනිසා මෙම වරෙන්තු නිකුත් කිරීම සිදු කෙරුණා. නඩුව ලබන මැයි මස 24 වැනිදා යළි කැඳවීමට නියමිතයි.